Tuesday, July 17, 2012

අත යට 'හැකියාව'




යටම ඇති ලිපි ගොනුව - උඩට ගන්නෙත්,
උඩම ඇති ලිපි ගොනුව - නැති කරන්නෙත්  මමයි....


බලපතක් අත නැතිව - රිය පදින්නෙත්,
වැරදිකර නොකල ලෙස - යලි ගෙදර එන්නෙත් මමයි....


පුතා ජාතික පාසලට - දමා ගන්නෙත්,
ඕනෑම පලාතක - මාරුව දා ගන්නෙත් මමයි....


හොරෙන් ලී පටවලා - ඉරා ගන්නෙත්,
දඩ මසක් එලාගෙන - රහ කරන්නෙත් මමයි....


අවේලාවේදි ලෙඩෙක් - බලා එන්නෙත්,
හොර සුරා පෙරාගෙන - විකුණන්නෙත් මමයි....


ටෙන්ඩරය වැඩි වුවද - අඩුව ගන්නෙත්,
රටින් එන බඩු ටිකේ - බදු අඩු කරන්නෙත් මමයි....


ලැබුණු හැඳුනුම්පතේ - වෙනස දන්නෙත්,
උප්පැන්න සහතිකේ - නම වෙනස් කලෙත් මමයි....


බැරි වැඩක් කර ගන්න මෙහෙ එන්න,
ලිස්සල යන්න හැකි 'අල්ලස' යි....ඒ මමයි....

10 comments:

  1. Replies
    1. මම කියවල තිබ්බ නැති රාජ් ගේ පොස්ටුවක්. නියම අදහස. හැබැයි ක්‍රියාත්මක වන යාන්ත්‍රණයන් එක්ක ප්‍රායෝගිකත්වය ප්‍රශ්ණයට ලක් වෙනවා.

      Delete
    2. අදත් අල්ලස් නොගන්නා රාජ්‍ය නිලධාරීන් සුළු පිරිසක් ඉන්නව. නමුත් ඔවුන් බොහොම දුප්පත්, ඒ හින්දම රාජ්‍ය සේවය තුළ ඔවුන්ට කවදාවත් ඉහලට යන්න ලැබෙන්නෙ නෑ. මොකද රාජ්‍ය සේවයෙන් ඉහළට යනන්ත් සල්ලි ඕනැනෙ.

      Delete
    3. ඒකනේ ආයෙත් මැක්කා වගේ එන්නේ 'අල්ලස' ටමනෙ.

      Delete
  2. හැකිතාක් අල්ලස් වලින් වැළකී හිටියත් එක අවස්තාවක මට අල්ලස් දීමට සිදු වුනේ, වෙනත් කිසිම "ප්‍රායෝගික" විසඳුමක් නැති වුන නිසා. එදානම් ඇත්තටම දුන්නේ අත යටින්ම තමයි. මේ දවස් ටිකෙත් අල්ලස නොදීම නිසා නොකෙරුණු දේ අල්ලසකින් තොරව කර ගන්න මහන්සි වෙනවා. :)

    ReplyDelete
    Replies
    1. සමහර අවස්ථාවලදී විකල්ප ක්‍රියාමාර්ග නැති වීම අල්ලස් දීමට පෙළඹවීමක් ඇති කරනවා. අල්ලස 'කාර්යක්ෂමතාවය' ට ධන උත්ප්‍රේරකයක් බවට පත් වූ අවස්ථාවලදී 'අනේ ඒක කොච්චර දෙයක්ද?' කියල හිතෙන අවස්ථාත් තියනවා.

      Delete
  3. අල්ලස කියන්නෙ අපේ වගේ රටවල්වල දෛනික ජීවිතයත් එක්ක බැඳිල තියෙන දෙයක්. බොහෝ මධ්‍යම පන්තිකයින්ගේ ජීවිතවල අවශ්‍යතා විශාල වෙනකොට අල්ලසෙන් මෙහා උත්තර හොයාගන්න බැරිවෙනවා.
    මතකද "හිට් විකට්" ටෙලිය...?

    ReplyDelete
    Replies
    1. සුමිත් අයියා හරි..ක්‍රමයේ වැරැද්ද විතරක් නෙමේ. මිනිස්සුන්ගේ ආකල්පත් 'අල්ලස' ට 'අල්ලස්' දෙනවා.

      Delete
  4. Replies
    1. මේ පැත්තේ ආවට බොහොම ස්තුතියි නංගි. ආයෙත් ආවොත් දෙනවා හොද තෑගි. (අල්ලසෙන් වීවර්ස්ලා වැඩි කර ගැනීම)

      Delete

ලිපියෙන් නොකී දෑ හෙළි වන්නේ ඔබේ අදහස් හරහා ගොඩ නැගෙන සංවාදයෙනි.